සුභාශිංෂණ පතන්නම්....
රැගෙන ආ දෙයක් නැත
අප මෙලොව පැමිණෙද්දි
සියල්ලම හිමි වුණේ
මෙලොව ජිවත් වෙද්දි
තණ්හාව ආශාව
හද පුරා උතුරද්දි
රැගෙන යන දෙයක් නැත
මෙලොව හැරදා යද්දි
මිල මුදල් දේපළ
සුවපහසු ජිවිතය
මොනතරම් ලස්සනද
දකින විට නෙතු අගට
එහෙත් ඒ සියලු දෙය
කඳුළක්ය දිනයකදි
හද පුරා නෙතු පුරා
උතුරාලා ගලා යන
ඉතිරි කල දෙයක් නම්
පිනක් පමණක්මය
රැගෙන යන මතු භවය
සතුටු සිත් පිරී යන.......
නෙත ගාව දැවටෙන්න
රහසේම ඔබ එන්න
සිත යාව වැළපෙන්න
හැමදාම ඔබ ඉන්න
පව්කාර මගේ සිතට
එපා තව දුක් දෙන්න
කිසිදාක එපා මට
තනිවෙන්න ඉඩ දෙන්න....
දහසක් සිතිවිලි ඉපදෙන
ඔය අපූරු සිත් යහනේ
එකම එකදු සිතිවිල්ලක
මා ඉන්නවා නම්...........
ලියැවෙන දහසක් දේ අත
එහෙට මෙහෙට යන වදනක
එකම එකදු පද පේළියේ
මා ඉන්නවා නම්......
දහස් ගණන් පැතුම් පිරුණු
නිල්මිණිවන් ඇස් දෙක ළඟ
එකම එක්දු කඳුලක් වී
මා ඉන්නවා නම්......
සසර කතර නිම වේ නම්
පුළුන් රොදක් වී එන්නම්
ඒ සසරේ කොතැනක හෝ
ඔබ නවතිනකම්........
ඈත දිලෙන සඳ කුමරුට
හෙමින් හෙමින් ලං වෙන්නට
පුංචි පුංචි මුතු කැටවන්
තරු කුමරිට හැකිනම්....
සිත යට තෙරපෙන සිතුමන්
පේලි පේලි හැඩ කරමින්
ලියවෙන කවි පද අයුරින්
අරුත ඔබම වේ නම්....
සිහිනෙන්වත් ඇවිත් යන්න
සත් සමුදුර එහා සිටන්
ඔබම මිසක මගේ ලොවට
කොහෙන්ද වෙන මිහිරක්........
පුංචි පුංචි දිය බිඳුවන්
රාශියක් කැටි වෙමින්
සුදු පුළුන් වළා රැළි සෑදුනේ....
ලෝකයට එළිය දෙන
දිණමිණක් පායමින්
අහස් කුස සැරි සරා දිළිසුනේ....
පුළුන් වළාවන් පැමිණ
දිණමිණත් වසාගෙන
වැටෙන හිරු කිරණ පොදි පැරදුනේ...
මුකුලිතව තිබු සිත
ඔබේ එක බැල්මකින්
විකසිතව සිනා මල් පිබිදුනේ....
වළාවකට හැකිවුවත්
හිරුකිරණ නවතාලන්න
කිමද මට බැරිවුනේ
ඔබ නමින් මගේ හද
විවර නොකරා ඉන්න............
සැමදාම ගිලිහුනත්
උණු කඳුලු බිංදුවක්
දැක්කමයි ඒ බිඳක
උතුරනවා සතුටක්.....
ජීවිතය ජයගන්න
ඔබට සෙවනක් වෙන්න
පෙව් රන් කිරි කඳුලු
වුනා මගෙ දිවිය සවිමත්....
මා සුවෙන් නළවන්න
ඔබ ගැයු ගී වදන්
මම ගයමි සෙනෙහසින්
සනසන්න ලොකයක්.....
මහමෙරක් බර දරන්
සිත පුරා තද කරන්
උන්නු ඒ ඇස් දෙකෙන්
දුන්නු ආලොකය සැපක්.....
ඔබ පෑව ගුණහරුකම්
වේවි මගෙ ලොව ඔපවත්
මිලක් නියම නැතිවුත්
වේවි සදහට ස්නෙහයක්...
පිණි ඉහිරෙන
සීත රෑක
සඳවතියට
නෙතු සලන්න
පිපිදෙන කොඳ
පුංචි මලක
සුවඳ රැගෙන
එපා යන්න
තරු පොකුරට
දසන් විදා
ඇස් කොනකින්
හිනාවෙන්න
අරලිය මල්
සුවඳ අරන්
මගෙ හද අරණට
වඩින්න
පුංචි කඳුලු කැට හෙමිහිට
ඔබ වෙනුවෙන් වැටෙනා විට
ඒ කඳුලක වටිනාකම
ඔබට දැනුනේ නෑ..
හිත යට තෙරපෙන සුසුමන්
ඔබ වෙනුවෙන් සුසුම් ලද්දි
ඒ සුසුමක වටිනාකම
ඔබට දැනුනේ නෑ...
දෑස් රිදෙන තුරු බලාන
ඔබ වෙනුවෙන් සිටින කල්හි
ඒ දෑසක් සනසවන්න
ඔබට සිතුනේ නෑ.....
එක පාරක් රිදවු හිත
ඔබ වෙනුවෙන් ඉවසන සද
තව පාරක් නොරිදවන්න
ඔබට හිතුනේ නෑ...
මොහොතට අමතක වන සද
නැවතත් මා වෙත දිව එන
ඔබ ළඟ ඇති ඒ සෙනෙහස
හිතාගන්න බෑ...
මගේම මව් ලෙස
කිරුළ දිනන්නට
හැකි වේ ඔබ හට
උපදින මතු භවයේ
දෝර ගලායන
ඔබෙ මව් සෙනෙහස
ලැබෙනවා නම් මට
මතු මතු සංසාරේ
කියමි කතාවක්
නලල් තලය සිප
වන්නෙමි පුතු ඔබේ
සසර පුරාවට.............
මගෙ දිවි බර
මට දැනෙන්නට
නොදි නුඹ හිස දරා
නිමක් නැති මග
වැරදි යන්නට
ඉඩක් නැත ණුඹ ඇත බලා
මගේ හැම දුක
නුඹෙ උර මත
හොවා හැමදේ දරා
මහ රුකකි ඔබ
ලැබුනු සෙනෙහස
එතෙමි ඔබේ සියොළග පුරා
නුඹේ මිනිසත්
කමේ වාරුව
දැනේ මට දිවි ඇති තුරා
අමාවක සඳ
ඔබෙන් පුද ලද
උරුමයයි කඳුලු
ගෙවුන කාලය
ලැබුන ආලය
නිමා වී සොඳුරු
පීරු පෙම් දම
දරා නෙතඟින්
විරාගය ඇරඹු
දයා ගුණයක්
ලයේ නැති බව
ලියා මට පෙන්වු...
සීත පිනි සළු බලෙන් ගලවා
තුරු අගිස්සක පිපුනු මල සිඹ
ඹබර තුඩකට හසු නොවන්නයි
ලොවට රහසින් කියන්නම්.............
මල් පිපෙන්නේ රොන් පුරන්නයි
ඹබරු එන්නේ රොන් උරන්නයි
සුමුදු මල් පෙති තලා සිදබිද
වෙන්ව යන්නේ දුක බෙදන්නයි........
මල් පිපෙන්නෙ සුවඳ දෙන්නයි
ලෝකයට ලස්සන බෙදන්නයි
මලෙන් ලෝකය පුබුදු වුදා
හාදු සමනළයකුට දෙන්නයි......
වස්සාන සිහිනයක
පැතුම් පොදි ගුලිකරන්
නුඹ ගැබේ නෙතු දරා
බලා සිටින මිනිසුන්ට
හද කකියවන දේදුන්නක් නොවි
වැහිකැටයක් වෙයන් සොයුරියේ........
සිසි මුදුන්වන සඳ මද්දහනට
නෙතු ගිලන් වන අඳුරු නිශාව නොවී
හද සුවපත්වන
සඳ කැළුම වෙයන් සොයුරියේ.....
නෙතු කමල් සාගරයේ
කඳුලු රළ වගුරුවා
දෙකම්මුල් වෙරළ හැපි විසිවෙන
සීතල කඳුලු කැටයක් නොවී
ඒ කඳුල නිවා දමන
ඇහිපියක් වෙයන් සොයුරියේ....
හරිත තුරු ගොමු අතර
කෙලි කවට සිනා රැලි
දඟකාර හොඳ නොහොඳ
මතක දොර හැර දමා.......
පෙර දිනක මිතුදමින්
එකට අත්වැල් බැඳන්
පිය නැගු මග දෙපස
කඳුලු මල් බිම දමා....
නිල් අහස මහ පොළව
ගිඟුම් දෙන මහ හඩින්
කියන්නට සිතේ මුලු
ලොකයට කැ ගසා....
දමා යන්නට නොහැක
සිප් මවුනි දයාබර
උණුසුමේ මතක පොදි
රැඳුනු දහතුන් වස පුරා.....
සිත්විලේ පද්මයකි
ඔබේ රුව නොමැකෙනා
නෙත් විලේ නිළුපුලකි
ඔබේ සුවඳ රැදෙනා
නිමේශයකි මගේ ලොව
විපුල පිනි පොදකි ණුඹ
දිගහැරෙන පිටු අතර
සදා සිත්තමකි මට
පෑයු තනි තරුව ඔබ
සඳක් නැති අහසකට
සොහොයුරෙකි පෙම්වතෙකි
ජිවිතේ පුරාවට
විදු පියෙන් ඉපදුණු
ඒ නිමල පෙම් දමට
මිය දෙන්න ඉඩ නොදෙමු
අපි මියෙන තුරාවට........
අහසේ දිලෙනා තාරුකවක
සිටි දැයි සිත සොයනා
සුවඳ දැනි දැනි සුව විඳින්නට
සිත පෙරුම් පුරනා
නොදැක ගුණ කද ගුණ වයන්නට
මියුරැ පද වැල් සොයමි මා
ලොවම හිමි නැති පුංචි කුසුමෙන්
කඳුලු බිදුවක් බිමට වැටුනා
සසර ආ මග එක්ව යන්නට
බැරි වුනිද පෙර පවිනා
සුළගිල්ලේ එල්ලි ලොව දිනන්නට
ඔබෙන් වර මට නැතිද මංදා
ජිවිතේ එක් වතාවක් මට
දූවේ යැයි ඔබ කියනු කවදා
ගඟකි ඔබ නිහඬ
නිසල ලෙසට ගලා යන
මම පුංචි මල් පියල්ලකි
වැටුනු ගං දියට
මා ළඟින් රැදෙන බව
විටෙක අමතක වුවද
දනිමි ඔබ මා දමා
දුරින් දුර නොයන බව................
දයාබර දෑස් යුග දුර ඈත
රඳවාන
විටෙක ඔබ එකම එක
වදනකුදු නොදොඩාම
හිදින විට නුහුරා තනිකමක්
දැනුනත් හිතට
දනිමි ඔබේ හිත පුරා
රැඳුනු සෙනෙහස තරම................
බොළඳ හිතුවක්කාර
නොසන්සුන් මගේ හිතට
ඔබ ගේන ආදරේ
දනිමි මහමෙරක් ලෙසට
ඔබේ එක දසුනකින් සිත නිවී
පහන් වන
ඒ කුමන අරුමයක්දැයි
කියා දෙන්න මට..............
නේක පාට විහිද
විසිරුණු ලෝකයක
මහිත අසරණ නොකළ
සැබෑ ප්‍රේමය නුඹය
සසර සැරි සරණ තුරු
මගේම වන්නට පතන
පාරමී පුරා සෙව්
මගෙ ජිවිතය ඔබ
සත්තමයි ඒ ඔබමය...........
Copyright 2009 -
සිතුවිලි
Blogspot Theme Design by: Ray Creations, HostingITrust.com
Distributed by Deluxe Templates