සිහිනයකි මේ.............


පිපුනත් මල් කැකුළක් වී
මතු දිනකදි සුවඳ දෙන්න
බඹරෙකු නැත තව පැමිණියේ
සුවඳ ටිකක් හොරෙන් ගන්න

මල් කළඹක් අත දරාන
ඔසරි පොඩිති හැඩ බලාන
හැඩකර කුළ කුමරු සමඟ
ආසයි කුළ ගෙට වඩින්න

දස මස් පුර කුස දරාන
මව් පදවිය හිත දරාන
සිඟිති පුතකු නලවාළන
නැළවිලි ගීතයක් වෙන්න

පොඩි පැටවුන් ළං කරාන
බත් ගුලියක රස කියාන
රළු පිරි ඒ බොරළු උඩින්
පිය මනින්න කියලා දෙන්න

අඟහිඟකම් ඇත බලාන
කුළ කුමරුට අඟුළු දාන
නුඹ පැමිණෙන ඒ යම් දින
සිහිනයක්ව මට පෙනෙන්න....

0 comments:

Post a Comment

Related Posts with Thumbnails

සහෘර්දයින්

Tiliose Tec forum

Powered By Blogger

ආගන්තුකයින්

free counters