ඔබට සුභ උපන්දිනක් වේවා.....!

සවන පිනවන මිහිරි වදනින්
ඔබේ සිත් මල පිපියන්...
දෑස් දල්වන සොඳුරු දැකුමන්
ඔබේ නෙත් ළඟ දැවටියන්...
තබන පා යුග ඉදිරි ගමනට
මලින් පාවඩ වැටීයන්....
තවත් වසරට තබන පියවර
සුභාශිංෂණ පතන්නම්....
ඔබ උපන්දින සැමරුම් දිනේ අද
නැතේ මා ළඟ තෑගි බෝ සේ...
වසර අටකට පෙරදිනක ඔබහට
පුද කළේ තිබු වටිනාම දේ...
එවන් ආදර හමුවීම සැමදින
මතක මන්දිර ගොඩනැගේ...
මගේ ආයු ගෙන ඔබේ ආයු බල
දිනේවා....! මතු සැම දිනේ...

අපේ ආදරේ....


තරු කිණිති සාගරේ

පුර සඳ පහන් වුණේ

සඳ දියෙන් තෙමි

කොඳ මලක් ලෙසේ

අපේ ආදරේ......


දීගන්තය පුරා

හමන මද නලක් දිගේ

පාවී පාවී නැළවී එන

පියාපතක් සේ

අපේ ආදරේ...


සසර පුරුද්දද මේ

යළිදු හමු වුණේ

දෙ අත් පැටලුනේ

පිය නගමු ජිවිතේ

එයයි ආදරේ...

Related Posts with Thumbnails

සහෘර්දයින්

Tiliose Tec forum

Powered By Blogger

ආගන්තුකයින්

free counters