දයාබර මෑණියනි..........




සැමදාම ගිලිහුනත්
උණු කඳුලු බිංදුවක්
දැක්කමයි ඒ බිඳක
උතුරනවා සතුටක්.....

ජීවිතය ජයගන්න
ඔබට සෙවනක් වෙන්න
පෙව් රන් කිරි කඳුලු
වුනා මගෙ දිවිය සවිමත්....

මා සුවෙන් නළවන්න
ඔබ ගැයු ගී වදන්
මම ගයමි සෙනෙහසින්
සනසන්න ලොකයක්.....

මහමෙරක් බර දරන්
සිත පුරා තද කරන්
උන්නු ඒ ඇස් දෙකෙන්
දුන්නු ආලොකය සැපක්.....

ඔබ පෑව ගුණහරුකම්
වේවි මගෙ ලොව ඔපවත්
මිලක් නියම නැතිවුත්
වේවි සදහට ස්නෙහයක්...

3 comments:

Prabath Ariyarathna February 12, 2010 at 3:49 AM  

niyamai.........

Raven February 12, 2010 at 4:54 AM  

සංවේදීයි ඔබේ නිර්මාණය.

සිතුවිලි February 12, 2010 at 4:25 PM  

බොහොම ස්තූතියි............!

Post a Comment

Related Posts with Thumbnails

සහෘර්දයින්

Tiliose Tec forum

Powered By Blogger

ආගන්තුකයින්

free counters