දම් සිල් රකිමි......


දෙපා වදිමි අවසර දෙනු මැන මෑණියනි
බෝ මලුවේ සිලි සිලියෙන් හදවත නිවුනි
සුදු වැල්ලේ පිය නැගුවෙමි පා යුග රැඳුනි
සසර දුකින් එතරවන්න මගේ සිත පිරිණි......

දෝතින් ගෙන සුදු මල් පොඩි බුදු හිමි වඳිමි
කසාවතින් සැරසි මම සිල් පද රකිමි
එපින් බලෙන් වරිග සතර එතර කරවමි
අවසන් දින දෙපා වඳිමි මගෙ මෑණියනි...

4 comments:

Raven February 18, 2010 10:48 PM  

කවි වියමන අගෙයි.

සිතුවිලි February 19, 2010 2:58 AM  

ඔබට ස්තූතියි.............

බිඟුවා...! February 20, 2010 7:24 AM  

niyamyi adahasa

සිතුවිලි February 20, 2010 7:49 AM  

ඔබට ස්තූතියි.............

Post a Comment

Related Posts with Thumbnails

සහෘර්දයින්

Tiliose Tec forum

ආගන්තුකයින්

free counters