ඔබ නවතිනකම්........


දහසක් සිතිවිලි ඉපදෙන
ඔය අපූරු සිත් යහනේ
එකම එකදු සිතිවිල්ලක
මා ඉන්නවා නම්...........
ලියැවෙන දහසක් දේ අත
එහෙට මෙහෙට යන වදනක
එකම එකදු පද පේළියේ
මා ඉන්නවා නම්......
දහස් ගණන් පැතුම් පිරුණු
නිල්මිණිවන් ඇස් දෙක ළඟ
එකම එක්දු කඳුලක් වී
මා ඉන්නවා නම්......
සසර කතර නිම වේ නම්
පුළුන් රොදක් වී එන්නම්
ඒ සසරේ කොතැනක හෝ
ඔබ නවතිනකම්........

2 comments:

රවා March 2, 2010 6:26 AM  

අවංකකම සංසාර පුරුද්දක්....
අවංකව ආදරෙ කරානම් ඇහැට කදුලක් ගන්න එපා....
යන්න දෙන්න....
ඉඩ දිලා ඇගෙ දියුනුව දැකලා සිත සතුටින් පුරො ගන්න
ඇය වැටෙනවා නම් ගිහින් උදව්කරන්න....
ඇවිදින්න...

සිතුවිලි March 2, 2010 9:02 AM  

ස්තූතියි....
සිත සැනසුමට

Post a Comment

Related Posts with Thumbnails

සහෘර්දයින්

Tiliose Tec forum

ආගන්තුකයින්

free counters