ජිවිතය..........


රැගෙන ආ දෙයක් නැත
අප මෙලොව පැමිණෙද්දි
සියල්ලම හිමි වුණේ
මෙලොව ජිවත් වෙද්දි
තණ්හාව ආශාව
හද පුරා උතුරද්දි
රැගෙන යන දෙයක් නැත
මෙලොව හැරදා යද්දි
මිල මුදල් දේපළ
සුවපහසු ජිවිතය
මොනතරම් ලස්සනද
දකින විට නෙතු අගට
එහෙත් ඒ සියලු දෙය
කඳුළක්ය දිනයකදි
හද පුරා නෙතු පුරා
උතුරාලා ගලා යන
ඉතිරි කල දෙයක් නම්
පිනක් පමණක්මය
රැගෙන යන මතු භවය
සතුටු සිත් පිරී යන.......

4 comments:

බිඟූ March 20, 2010 at 8:53 AM  

ඉතිරි කල දෙයක් නම්
පිනක් පමණක්මය???

එතකොට ඔයා කැලණි ගිහිල්ලා ආවද?
(වරක් වැන්දොත් කැළණියේ.. )

/බිඟුවා...!

local Taboo March 20, 2010 at 9:04 AM  

‍අපි දැන් බ්ලොග් කියවන්නේ ලාංකීය සිතුවිලි වලින්නේ ඔයාගේ මේ ලිපිය එකේ නෑ නේද
http://blog.inetlanka.com/

Nimesh March 20, 2010 at 11:25 AM  

ජීවිතය සුව පහසුත් නැහැ
පින් කරන්න ලේසිත් නැහැ
මතු භවයක් තියෙනවද දන්නෙත් නැහැ....

සිතුවිලි March 21, 2010 at 7:10 AM  

@බිඟුවා
පින් කරන්න කැළණි යන්නම ඕනද???

@Local Taboo
මමත් ඔන්න ලාංකීය සිතුවිලි වලට ආවා.ගොඩක් ස්තූතියි අදහසට.....

@නිමේෂ් සුරංග
පව් කරන තරමටම පින් කරන්න ලේසි නෑ තමයි.තම තමන්ගේ ජිවිත යහපත් ලෙස පවත්වාගෙන ගියොත් අමුතුවෙන් පින් කරන්න අවශ්‍ය වන්නෙත් නැ.ඒක මගේ අදහසක්....

Post a Comment

Related Posts with Thumbnails

සහෘර්දයින්

Tiliose Tec forum

Powered By Blogger

ආගන්තුකයින්

free counters