Posted by
සිතුවිලි
at
Monday, September 27, 2010
සිතක පිරුණු සුවඳ අරන්
ඈතක ඔබ යන්න ගිහින්
බැලුවත් ආපසු නොහැරි
සිත ඔබ ළඟ මා තනිවී....
ඔබේ සුවඳ ඇත මා ළඟ
මා තනිකර ඔබ ගිය සද
අමාවකයි මගේ ලෝකය
පුන් සඳ නැත මට හිමි අද...
පූජාසනයට තබනට
පිපුනත් හද මල විකසිත
මුකුලිත කල ඔබේ ආදර
විඩාබරයි මගේ නෙත් යුග...
Posted by
සිතුවිලි
at
Sunday, September 19, 2010
කිරි සුවඳ මල්
පිපි හිනැහෙන
සුන්දරයි ඒ
පුතුගේ මුවරඳ.....
දස මසක් කුස
දරා දුක සැම
මෙලොව බිහිකල
මව යි උත්තම......
රුධිර බිඳු බිඳු
තැනෙයි කිරි බිඳු
මව්ගේ සෙනෙහස
මිලක් නැත එය....
ලොකයම නැවති ගියත් අද
නිම නොදක්නා සෙනෙ ගං තෙර
තන පුඩුවට මුවා වී ගෙන
පුතු හිදි මව් තුරුල සිපගෙන.....
Posted by
සිතුවිලි
at
Tuesday, September 7, 2010
පිපුනත් මල් කැකුළක් වී
මතු දිනකදි සුවඳ දෙන්න
බඹරෙකු නැත තව පැමිණියේ
සුවඳ ටිකක් හොරෙන් ගන්න
මල් කළඹක් අත දරාන
ඔසරි පොඩිති හැඩ බලාන
හැඩකර කුළ කුමරු සමඟ
ආසයි කුළ ගෙට වඩින්න
දස මස් පුර කුස දරාන
මව් පදවිය හිත දරාන
සිඟිති පුතකු නලවාළන
නැළවිලි ගීතයක් වෙන්න
පොඩි පැටවුන් ළං කරාන
බත් ගුලියක රස කියාන
රළු පිරි ඒ බොරළු උඩින්
පිය මනින්න කියලා දෙන්න
අඟහිඟකම් ඇත බලාන
කුළ කුමරුට අඟුළු දාන
නුඹ පැමිණෙන ඒ යම් දින
සිහිනයක්ව මට පෙනෙන්න....