
රැගෙන ආ දෙයක් නැත
අප මෙලොව පැමිණෙද්දි
සියල්ලම හිමි වුණේ
මෙලොව ජිවත් වෙද්දි
තණ්හාව ආශාව
හද පුරා උතුරද්දි
රැගෙන යන දෙයක් නැත
මෙලොව හැරදා යද්දි
මිල මුදල් දේපළ
සුවපහසු ජිවිතය
මොනතරම් ලස්සනද
දකින විට නෙතු අගට
එහෙත් ඒ සියලු දෙය
කඳුළක්ය දිනයකදි
හද පුරා නෙතු පුරා
උතුරාලා ගලා යන
ඉතිරි කල දෙයක් නම්
පිනක් පමණක්මය
රැගෙන යන මතු භවය
සතුටු සිත් පිරී යන.......
ජිවිතය..........
යළිදු එන තුරු
සිත් පුරා පිරු
අමිල සෙනෙහස
යළිදු එන තුරු
හිත් තබන්
බලා ඉන්නෙමි
නෙත් තියන්
කෝළ පාමින්
අදර කතන්දර
සුළගිල්ලේ එල්ලි
කියනු කෙලසින්
උරහිසට බරදී
සෙනෙහසින්....
අමිල සෙනෙහස
යළිදු එන තුරු
හිත් තබන්
බලා ඉන්නෙමි
නෙත් තියන්
කෝළ පාමින්
අදර කතන්දර
සුළගිල්ලේ එල්ලි
කියනු කෙලසින්
උරහිසට බරදී
සෙනෙහසින්....
හැමදාම සිත ගාව

නෙත ගාව දැවටෙන්න
රහසේම ඔබ එන්න
සිත යාව වැළපෙන්න
හැමදාම ඔබ ඉන්න
පව්කාර මගේ සිතට
එපා තව දුක් දෙන්න
කිසිදාක එපා මට
තනිවෙන්න ඉඩ දෙන්න....
ඔබේ මනාලිය
නෙත් කොන බැල්මට
හිතම පුරුන කල
ආල හැඟීමක්
දැනුනයි මා හට
හැංගි හැංගි සිත
බැඳෙනා හද වෙත
සෙනෙහස දෙනවද
සසර පුරාවට
ජීවිතයේ හැමදාක
ළඟින් රැඳෙන්නට
එන්නද මං ඔබේ
මනාලියක් ලෙස....
හිතම පුරුන කල
ආල හැඟීමක්
දැනුනයි මා හට
හැංගි හැංගි සිත
බැඳෙනා හද වෙත
සෙනෙහස දෙනවද
සසර පුරාවට
ජීවිතයේ හැමදාක
ළඟින් රැඳෙන්නට
එන්නද මං ඔබේ
මනාලියක් ලෙස....
ඔබ නවතිනකම්........

දහසක් සිතිවිලි ඉපදෙන
ඔය අපූරු සිත් යහනේ
එකම එකදු සිතිවිල්ලක
මා ඉන්නවා නම්...........
ලියැවෙන දහසක් දේ අත
එහෙට මෙහෙට යන වදනක
එකම එකදු පද පේළියේ
මා ඉන්නවා නම්......
දහස් ගණන් පැතුම් පිරුණු
නිල්මිණිවන් ඇස් දෙක ළඟ
එකම එක්දු කඳුලක් වී
මා ඉන්නවා නම්......
සසර කතර නිම වේ නම්
පුළුන් රොදක් වී එන්නම්
ඒ සසරේ කොතැනක හෝ
ඔබ නවතිනකම්........
ඔබම මිසක

ඈත දිලෙන සඳ කුමරුට
හෙමින් හෙමින් ලං වෙන්නට
පුංචි පුංචි මුතු කැටවන්
තරු කුමරිට හැකිනම්....
සිත යට තෙරපෙන සිතුමන්
පේලි පේලි හැඩ කරමින්
ලියවෙන කවි පද අයුරින්
අරුත ඔබම වේ නම්....
සිහිනෙන්වත් ඇවිත් යන්න
සත් සමුදුර එහා සිටන්
ඔබම මිසක මගේ ලොවට
කොහෙන්ද වෙන මිහිරක්........
නොලැබු පදවිය
නුඹ නළවන්නට
දෙතනේ කිරි නැත
කුසින් දරා මා
වැදුවේ නැත පුත
එනමුදු පුතුනේ
වැගිරෙන සෙනෙහස
පැතුවත් මවු පදවිය
නොලැබිණි මා පෙර පව
එනමුදු පුතුනේ
නුඹේ මවු ලෙස
හිදිමි මෙලොව
දිවි ඇති තුර......
දෙතනේ කිරි නැත
කුසින් දරා මා
වැදුවේ නැත පුත
එනමුදු පුතුනේ
වැගිරෙන සෙනෙහස
කෙසේ කියම්දෝ
මා නුඹ හටපැතුවත් මවු පදවිය
නොලැබිණි මා පෙර පව
එනමුදු පුතුනේ
නුඹේ මවු ලෙස
හිදිමි මෙලොව
දිවි ඇති තුර......



