
සැමදාම ගිලිහුනත්
උණු කඳුලු බිංදුවක්
දැක්කමයි ඒ බිඳක
උතුරනවා සතුටක්.....
ජීවිතය ජයගන්න
ඔබට සෙවනක් වෙන්න
පෙව් රන් කිරි කඳුලු
වුනා මගෙ දිවිය සවිමත්....
මා සුවෙන් නළවන්න
ඔබ ගැයු ගී වදන්
මම ගයමි සෙනෙහසින්
සනසන්න ලොකයක්.....
මහමෙරක් බර දරන්
සිත පුරා තද කරන්
උන්නු ඒ ඇස් දෙකෙන්
දුන්නු ආලොකය සැපක්.....
ඔබ පෑව ගුණහරුකම්
වේවි මගෙ ලොව ඔපවත්
මිලක් නියම නැතිවුත්
වේවි සදහට ස්නෙහයක්...
දයාබර මෑණියනි..........
මගෙ හද අරණට වඩින්න

පිණි ඉහිරෙන
සීත රෑක
සඳවතියට
නෙතු සලන්න
පිපිදෙන කොඳ
පුංචි මලක
සුවඳ රැගෙන
එපා යන්න
තරු පොකුරට
දසන් විදා
ඇස් කොනකින්
හිනාවෙන්න
අරලිය මල්
සුවඳ අරන්
මගෙ හද අරණට
වඩින්න
අරුම සෙනෙහස

පුංචි කඳුලු කැට හෙමිහිට
ඔබ වෙනුවෙන් වැටෙනා විට
ඒ කඳුලක වටිනාකම
ඔබට දැනුනේ නෑ..
හිත යට තෙරපෙන සුසුමන්
ඔබ වෙනුවෙන් සුසුම් ලද්දි
ඒ සුසුමක වටිනාකම
ඔබට දැනුනේ නෑ...
දෑස් රිදෙන තුරු බලාන
ඔබ වෙනුවෙන් සිටින කල්හි
ඒ දෑසක් සනසවන්න
ඔබට සිතුනේ නෑ.....
එක පාරක් රිදවු හිත
ඔබ වෙනුවෙන් ඉවසන සද
තව පාරක් නොරිදවන්න
ඔබට හිතුනේ නෑ...
මොහොතට අමතක වන සද
නැවතත් මා වෙත දිව එන
ඔබ ළඟ ඇති ඒ සෙනෙහස
හිතාගන්න බෑ...
මගේම මව් ඔබ

මගේම මව් ලෙස
කිරුළ දිනන්නට
හැකි වේ ඔබ හට
උපදින මතු භවයේ
දෝර ගලායන
ඔබෙ මව් සෙනෙහස
ලැබෙනවා නම් මට
මතු මතු සංසාරේ
කියමි කතාවක්
නලල් තලය සිප
වන්නෙමි පුතු ඔබේ
සසර පුරාවට.............
අගෙයි ඔබ මට

මගෙ දිවි බර
මට දැනෙන්නට
නොදි නුඹ හිස දරා
නිමක් නැති මග
වැරදි යන්නට
ඉඩක් නැත ණුඹ ඇත බලා
මගේ හැම දුක
නුඹෙ උර මත
හොවා හැමදේ දරා
මහ රුකකි ඔබ
ලැබුනු සෙනෙහස
එතෙමි ඔබේ සියොළග පුරා
නුඹේ මිනිසත්
කමේ වාරුව
දැනේ මට දිවි ඇති තුරා
චපලකම

අමාවක සඳ
ඔබෙන් පුද ලද
උරුමයයි කඳුලු
ගෙවුන කාලය
ලැබුන ආලය
නිමා වී සොඳුරු
පීරු පෙම් දම
දරා නෙතඟින්
විරාගය ඇරඹු
දයා ගුණයක්
ලයේ නැති බව
ලියා මට පෙන්වු...
ඹබර පහසක් නොපතන්න

සීත පිනි සළු බලෙන් ගලවා
තුරු අගිස්සක පිපුනු මල සිඹ
ඹබර තුඩකට හසු නොවන්නයි
ලොවට රහසින් කියන්නම්.............
මල් පිපෙන්නේ රොන් පුරන්නයි
ඹබරු එන්නේ රොන් උරන්නයි
සුමුදු මල් පෙති තලා සිදබිද
වෙන්ව යන්නේ දුක බෙදන්නයි........
මල් පිපෙන්නෙ සුවඳ දෙන්නයි
ලෝකයට ලස්සන බෙදන්නයි
මලෙන් ලෝකය පුබුදු වුදා
හාදු සමනළයකුට දෙන්නයි......
