ඔබට සුභ උපන්දිනක් වේවා.....!

සවන පිනවන මිහිරි වදනින්
ඔබේ සිත් මල පිපියන්...
දෑස් දල්වන සොඳුරු දැකුමන්
ඔබේ නෙත් ළඟ දැවටියන්...
තබන පා යුග ඉදිරි ගමනට
මලින් පාවඩ වැටීයන්....
තවත් වසරට තබන පියවර
සුභාශිංෂණ පතන්නම්....
ඔබ උපන්දින සැමරුම් දිනේ අද
නැතේ මා ළඟ තෑගි බෝ සේ...
වසර අටකට පෙරදිනක ඔබහට
පුද කළේ තිබු වටිනාම දේ...
එවන් ආදර හමුවීම සැමදින
මතක මන්දිර ගොඩනැගේ...
මගේ ආයු ගෙන ඔබේ ආයු බල
දිනේවා....! මතු සැම දිනේ...

අපේ ආදරේ....


තරු කිණිති සාගරේ

පුර සඳ පහන් වුණේ

සඳ දියෙන් තෙමි

කොඳ මලක් ලෙසේ

අපේ ආදරේ......


දීගන්තය පුරා

හමන මද නලක් දිගේ

පාවී පාවී නැළවී එන

පියාපතක් සේ

අපේ ආදරේ...


සසර පුරුද්දද මේ

යළිදු හමු වුණේ

දෙ අත් පැටලුනේ

පිය නගමු ජිවිතේ

එයයි ආදරේ...

විරහව





සිතක පිරුණු සුවඳ අරන්
ඈතක ඔබ යන්න ගිහින්
බැලුවත් ආපසු නොහැරි
සිත ඔබ ළඟ මා තනිවී....
ඔබේ සුවඳ ඇත මා ළඟ
මා තනිකර ඔබ ගිය සද
අමාවකයි මගේ ලෝකය
පුන් සඳ නැත මට හිමි අද...
පූජාසනයට තබනට
පිපුනත් හද මල විකසිත
මුකුලිත කල ඔබේ ආදර
විඩාබරයි මගේ නෙත් යුග...

කිරි සුවඳ


කිරි සුවඳ මල්

පිපි හිනැහෙන

සුන්දරයි ඒ

පුතුගේ මුවරඳ.....

දස මසක් කුස

දරා දුක සැම

මෙලොව බිහිකල

මව යි උත්තම......

රුධිර බිඳු බිඳු

තැනෙයි කිරි බිඳු

මව්ගේ සෙනෙහස

මිලක් නැත එය....

ලොකයම නැවති ගියත් අද

නිම නොදක්නා සෙනෙ ගං තෙර

තන පුඩුවට මුවා වී ගෙන

පුතු හිදි මව් තුරුල සිපගෙන.....

සිහිනයකි මේ.............


පිපුනත් මල් කැකුළක් වී
මතු දිනකදි සුවඳ දෙන්න
බඹරෙකු නැත තව පැමිණියේ
සුවඳ ටිකක් හොරෙන් ගන්න

මල් කළඹක් අත දරාන
ඔසරි පොඩිති හැඩ බලාන
හැඩකර කුළ කුමරු සමඟ
ආසයි කුළ ගෙට වඩින්න

දස මස් පුර කුස දරාන
මව් පදවිය හිත දරාන
සිඟිති පුතකු නලවාළන
නැළවිලි ගීතයක් වෙන්න

පොඩි පැටවුන් ළං කරාන
බත් ගුලියක රස කියාන
රළු පිරි ඒ බොරළු උඩින්
පිය මනින්න කියලා දෙන්න

අඟහිඟකම් ඇත බලාන
කුළ කුමරුට අඟුළු දාන
නුඹ පැමිණෙන ඒ යම් දින
සිහිනයක්ව මට පෙනෙන්න....

අහිමි ඔබ මට...........


ජීවිතයට සුවඳ දෙන්න
පිච්ච මලක් වී පිපෙන්න
ඔබ ආවත් මගේ ලොවට
යන්න ගිය හද අරගෙන

ආදරයක් දළුලන්නට
නිහඩ කමක් මියයන්නට
ආදරයෙන් පිරුණු හිතක්
ළංවුවා හදමඩළට

ආත්මයෙන් ආත්මයට
රැදුනත් සෙනෙහස හැමකල
ඒ සෙනෙහස පුද දෙන්නට
හිමි නැත ඔබ අද මා හට


හදවත


රිදවන හදවතට
ආදරය කරන්න
ආදරය කරන
හදවත නොරිදවන්න
හදවත වෙනුවෙන්
හැමදේම කැපකරන්න
නමුත් කිසිවක් වෙනුවෙන්
හදවත කැප නොකරන්න...

Related Posts with Thumbnails

සහෘර්දයින්

Tiliose Tec forum

Powered By Blogger

ආගන්තුකයින්

free counters