අරුම සෙනෙහස


පුංචි කඳුලු කැට හෙමිහිට
ඔබ වෙනුවෙන් වැටෙනා විට
ඒ කඳුලක වටිනාකම
ඔබට දැනුනේ නෑ..

හිත යට තෙරපෙන සුසුමන්
ඔබ වෙනුවෙන් සුසුම් ලද්දි
ඒ සුසුමක වටිනාකම
ඔබට දැනුනේ නෑ...

දෑස් රිදෙන තුරු බලාන
ඔබ වෙනුවෙන් සිටින කල්හි
ඒ දෑසක් සනසවන්න
ඔබට සිතුනේ නෑ.....

එක පාරක් රිදවු හිත
ඔබ වෙනුවෙන් ඉවසන සද
තව පාරක් නොරිදවන්න
ඔබට හිතුනේ නෑ...

මොහොතට අමතක වන සද
නැවතත් මා වෙත දිව එන
ඔබ ළඟ ඇති ඒ සෙනෙහස
හිතාගන්න බෑ...

5 comments:

Anonymous February 6, 2010 at 1:16 AM  

ලස්සනයි.
හ්ම්ම්ම්ම්ම්... ආදරේ කියනේ නම් සිරාම දෙයක් තමා..

සිතුවිලි February 6, 2010 at 1:23 AM  

බොහොම ස්තූතියි............

Saranga Rathnayaka February 6, 2010 at 1:54 AM  

පට්ට !

/සාරංග

තිස්ස දොඩන්ගොඩ February 6, 2010 at 6:56 AM  

ඔබටනම් ඉතාම සංවේදී හදවතකුයි... කවීත්වයකුයි තියනවා.. මගෙන් සුභ පැතුම්...

සිතුවිලි February 12, 2010 at 4:27 PM  

බොහොම ස්තූතියි............!

Post a Comment

Related Posts with Thumbnails

සහෘර්දයින්

Tiliose Tec forum

Powered By Blogger

ආගන්තුකයින්

free counters