ඔබම මිසක


ඈත දිලෙන සඳ කුමරුට
හෙමින් හෙමින් ලං වෙන්නට
පුංචි පුංචි මුතු කැටවන්
තරු කුමරිට හැකිනම්....

සිත යට තෙරපෙන සිතුමන්
පේලි පේලි හැඩ කරමින්
ලියවෙන කවි පද අයුරින්
අරුත ඔබම වේ නම්....

සිහිනෙන්වත් ඇවිත් යන්න
සත් සමුදුර එහා සිටන්
ඔබම මිසක මගේ ලොවට
කොහෙන්ද වෙන මිහිරක්........

1 comments:

Prabath Ariyarathna February 28, 2010 at 7:13 AM  

බොහොම ලස්සන සිතුවිල්ලක් ලස්සනට කවියට නගා තිබෙනව.දිගටම කරන් යන්න.ඔබට ජය.

Post a Comment

Related Posts with Thumbnails

සහෘර්දයින්

Tiliose Tec forum

Powered By Blogger

ආගන්තුකයින්

free counters