පෙම් නොකරමි


ඔබේ සිනහව ලැබෙනවා නම්
කුමටද මට මල් පොකුරු
ඔබේ කටහඬ ඇසෙනවා නම්
කුමටද මට ගී මියුරු
ඔබේ ලොකය මම නොවේ නම්
කුමටද මට යසඉසුරු
හිමි නැති බැව් දන්නවා නම්
පෙම් නොකරමි මෙයින් මතු

10 comments:

බිඟූ February 20, 2010 at 7:13 AM  

මේක යකාගේ වැඩක්නේ...
අන්සතු උනා කියලා පෙම් කරන්න කිසිම තහනමක් නෑ බොලව්.
හැබැයි අන්සතු කියලා දැන දැන පෙම් කරන එක නම් ඇඟට ගුණ නෑ පුතෝ...

ගොඩාක් කොල්ලෝ මේ කතාව මෙහෙමම කියාවි මචං...

/බිඟුවා...!

Prabath Ariyarathna February 20, 2010 at 7:35 AM  

නියම කියමන මල් 7 යි

සිතුවිලි February 20, 2010 at 7:43 AM  

ඔබේ අදහස් වලට තුති. ආදරය කියන්නේ පරිත්‍යාගයක්.තමන්ට හිමි නැත්නම් හිමි කෙනාට දෙන්න ඕන.ඒකයි නියම ආදරේ කියන්නේ.

Raven February 20, 2010 at 9:46 AM  

හිමි අහිමි බව කාලය විසින් තීරණය කරාවි. බිඟුවා කිවුව වගේ පෙම් කරන්න නම් තහනමක් නෑ අන්සතු උනා කියල.

සිතුවිලි February 20, 2010 at 8:08 PM  

අනේ ඉතින් මොකටද අන් සතු දෙයකට ආශාවක් ඇති කරගෙන,අන් සතු දේ අන් සතුමයි,ඉතිරි වෙන්නේ දුක විතරයි.

Dhanu February 20, 2010 at 8:24 PM  

අන් සතු දේට ආදරය කිරීම වෙනයි, ආශා කිරීම වෙනයි. ආශා නොකර ආදරය කරන්න හැකි නම්, එතන කිසිදු වරදක් නැහැ. ආදරය කරන සියලු දේ අපට අයිති විය යුතු යැයි නියමයක් නැති නිසා.

- ගීත්

සිතුවිලි February 20, 2010 at 8:58 PM  

ඔබගේ අදහස් වලට ස්තූතියි.නමුත් ආදරයක් ඇති වෙන්නේ ආශාවක් තියෙන නිසා.ආශාවයි ඉස්සෙල්ලාම නැතිකරගන්න ඕන.

බිඟූ February 20, 2010 at 9:36 PM  

ආදරය ඇති වෙන්නේ ආශාව නිසාමද?
100% ක්ම එකඟ වෙන්න බෑ.
අනික එහම් උනත් ආශාව නැති කර ගන්න එක ලේසිද ඔය කියන තරම්..

අහල බලපන්කො බූට් එකක් වැදුන එකෙක්ගෙන්..
කියලා දෙයි කන පැලෙන්න.
හික්ස්...

/බිඟුවා...!

බිඟූ February 20, 2010 at 9:37 PM  

& please remove word verification.

සිතුවිලි February 20, 2010 at 10:19 PM  

@බිගුව.
බිගුව කියන දේට මම ටිකක් එකග වෙනවා. සමහර අවස්ථාවලදි ආශාවක් ඇතිනොවී
ආදරය කරන අවස්ථාත් තියෙනවා. හරියට අම්මා කෙනෙක්ගෙ තාත්තා කෙනෙක්ගෙ
ආදරය වගේ.නමුත් ගොඩක් වෙලාවට ආදරය ආකර්ෂණය නැතිනම් ආශාව
මුල් කරගෙන තමයි ඇතිවෙන්නෙ.ඉස්සෙල්ලාම කෙනෙක් දැක්කම තමන්
එයාගේ මොකක් හෝ කැමති දේකට ආකර්ෂණය වෙනවා, දැනුවත්ව හෝ
නොදැනුවත්ව නමුත් ගොඩක් අය ඒක ආදරය කියල පටලවගන්නවා.
එහෙම ඇති වුනාට පස්සෙ තමයි ආදරය කරන්න පටන් ගන්නේ.
එහෙම නැත්තන් ඉතින් ඇයි අපේ කොල්ලො කෙල්ලො ලස්සන
උන්ට ගහ මරා ගන්නේ කැත කෙල්ලො නිකන් බලන් ඉන්නේ?
ඒකයි ඇත්ත. ලොකු ලොකු පොත් වල ආදරය පුජනීයයි කිය කිය
මහ ලොකු බර වචන වලින් තිබුනත් ඒවගේ ආදරය ඇතිවෙන්නෙ
පුජනීය විදිහට කීවත් ආශාවල් පස්සෙ දුවන මේ ලොකෙ හැම දෙයක්ම
ආශාව , ආකර්ෂණයත් එක්ක බැදිලා.

Post a Comment

Related Posts with Thumbnails

සහෘර්දයින්

Tiliose Tec forum

Powered By Blogger

ආගන්තුකයින්

free counters