අගෙයි ඔබ මට


මගෙ දිවි බර
මට දැනෙන්නට
නොදි නුඹ හිස දරා

නිමක් නැති මග
වැරදි යන්නට
ඉඩක් නැත ණුඹ ඇත බලා

මගේ හැම දුක
නුඹෙ උර මත
හොවා හැමදේ දරා

මහ රුකකි ඔබ
ලැබුනු සෙනෙහස
එතෙමි ඔබේ සියොළග පුරා

නුඹේ මිනිසත්
කමේ වාරුව
දැනේ මට දිවි ඇති තුරා

2 comments:

ජීවිතේ මල් February 5, 2010 at 3:52 AM  

ලස්සනයි.

සිතුවිලි February 6, 2010 at 1:24 AM  

බොහොම ස්තූතියි............

Post a Comment

Related Posts with Thumbnails

සහෘර්දයින්

Tiliose Tec forum

Powered By Blogger

ආගන්තුකයින්

free counters