දයාබර නැගණියේ.............


වස්සාන සිහිනයක
පැතුම් පොදි ගුලිකරන්
නුඹ ගැබේ නෙතු දරා

බලා සිටින මිනිසුන්ට

හද කකියවන දේදුන්නක් නොවි
වැහිකැටයක් වෙයන් සොයුරියේ........

සිසි මුදුන්වන
සඳ මද්දහනට
නෙතු ගිලන් වන අඳුරු නිශාව නොවී
හද සුවපත්වන

සඳ කැළුම වෙයන් සොයුරියේ.....

නෙතු කමල් සාගරයේ

කඳුලු රළ වගුරුවා
දෙකම්මුල් වෙරළ හැපි විසිවෙන

සීතල කඳුලු කැටයක් නොවී
ඒ කඳුල නිවා දමන

ඇහිපියක් වෙයන් සොයුරියේ....

හැර යන සිප් මවුනි......


හරිත තුරු ගොමු අතර
කෙලි කවට සිනා රැලි
දඟකාර හොඳ නොහොඳ
මතක දොර හැර දමා.......

පෙර දිනක මිතුදමින්
එකට අත්වැල් බැඳන්
පිය නැගු මග දෙපස
කඳුලු මල් බිම දමා....

නිල් අහස මහ පොළව
ගිඟුම් දෙන මහ හඩින්
කියන්නට සිතේ මුලු
ලොකයට කැ ගසා....

දමා යන්නට නොහැක
සිප් මවුනි දයාබර
උණුසුමේ මතක පොදි
රැඳුනු දහතුන් වස පුරා.....

හමු වෙනතුරු


අතීතයෙ සුසුම් රැළි
අපේ පිවිතුරු සිනා
නෙතින් කඳුලැලි නැගෙන
සුසුම් රැල්ලක් වෙලා
සුවඳවත් වසන්තය
නෙතු අගින් බොඳ වෙලා
සෙනෙහසින් සමු ගනිමු
යළිදු හමු වෙන තුරා.............

අපි මියෙන තුරු

සිත්විලේ පද්මයකි
ඔබේ රුව නොමැකෙනා
නෙත් විලේ නිළුපුලකි
ඔබේ සුවඳ රැදෙනා

නිමේශයකි මගේ ලොව
විපුල පිනි පොදකි ණුඹ
දිගහැරෙන පිටු අතර
සදා සිත්තමකි මට
පෑයු තනි තරුව ඔබ
සඳක් නැති අහසකට
සොහොයුරෙකි පෙම්වතෙකි
ජිවිතේ පුරාවට

විදු පියෙන් ඉපදුණු
ඒ නිමල පෙම් දමට
මිය දෙන්න ඉඩ නොදෙමු
අපි මියෙන තුරාවට........



අහිමි වු පෙම


මල් පෙත්තක් මත
රැඳුන පිණි කැට
සැඬ සුළං රැල්
වැලක වැහි පොද
දවටගෙන බිම වැටුන
මොහොතක
රිදුම් දුන්නා මතක මං පෙත

අහිමි වු පෙම නැඟි සිහියට

හිමි නැති සෙනෙහස

අහසේ දිලෙනා තාරුකවක
සිටි දැයි සිත සොයනා

සුවඳ දැනි දැනි සුව විඳින්නට

සිත පෙරුම් පුරනා

නොදැක ගුණ කද ගුණ වයන්නට

මියුරැ පද වැල් සොයමි මා

ලොවම හිමි නැති පුංචි කුසුමෙන්

කඳුලු බිදුවක් බිමට වැටුනා




සසර ආ මග එක්ව යන්නට

බැරි වුනිද පෙර පවිනා

සුළගිල්ලේ එල්ලි ලොව දිනන්නට

ඔබෙන් වර මට නැතිද මංදා

ජිවිතේ එක් වතාවක් මට

දූවේ යැයි ඔබ කියනු කවදා

උපන්දා සිට සැබෑ නොවෙනා
එකම සිහිනය ඔබයි
මගේ පිය රජුනි සැමදා

ණුඹ.......................


ගඟකි ඔබ නිහඬ
නිසල ලෙසට ගලා යන
මම පුංචි මල් පියල්ලකි
වැටුනු ගං දියට
මා ළඟින් රැදෙන බව
විටෙක අමතක වුවද
දනිමි ඔබ මා දමා
දුරින් දුර නොයන බව................


දයාබර දෑස් යුග දුර ඈත
රඳවාන
විටෙක ඔබ එකම එක
වදනකුදු නොදොඩාම
හිදින විට නුහුරා තනිකමක්
දැනුනත් හිතට
දනිමි ඔබේ හිත පුරා
රැඳුනු සෙනෙහස තරම................


බොළඳ හිතුවක්කාර
නොසන්සුන් මගේ හිතට
ඔබ ගේන ආදරේ
දනිමි මහමෙරක් ලෙසට
ඔබේ එක දසුනකින් සිත නිවී
පහන් වන
ඒ කුමන අරුමයක්දැයි
කියා දෙන්න මට..............

නේක පාට විහිද
විසිරුණු ලෝකයක
මහිත අසරණ නොකළ
සැබෑ ප්‍රේමය නුඹය
සසර සැරි සරණ තුරු
මගේම වන්නට පතන
පාරමී පුරා සෙව්
මගෙ ජිවිතය ඔබ
සත්තමයි ඒ ඔබමය...........

Related Posts with Thumbnails

සහෘර්දයින්

Tiliose Tec forum

Powered By Blogger

ආගන්තුකයින්

free counters